2026-07-03
mediahumanrights.lk
NewsSportsSports News

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග නායකත්වය ලබාදීමට නියමිතයි. කොදෙව් කණ්ඩායම, ශ‍්‍රී ලංකා සංචාරය තුළදී තවත් පුහුණු තරගයකට ලබන බ‍්‍රහස්පතින්දා සහභාගීවීමට නියමිතව තිබෙනවා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භවීමට නියමිතයි.

තරගාවලියට එක්දින තරග 03 ක් ඇතුළත්. පළමු තරගය කොළඹ SSC කි‍්‍රඩාංගනයේදී පැවැත්වෙන අතර දෙවැන්න හම්බන්තොට කී‍්‍රඩාංගනයේත්, තුන්වැන්න පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේත් පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පන්දුවාර 20 තරග 02 ක්ද පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj

අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකට

Shiran Viraj
Translate »