2026-09-07
mediahumanrights.lk
NewsPolitical

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දී තිබේ.

ෆැක්ස් පණිවුඩයක් මගින් තේරීම් කාරක සභාව විසින් මෙම දැනුම්දීම කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සක්‍රිය රාජකාරියේ සිටින කිසිදු ආරක්ෂක නිලධාරියෙකු තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් පසුව මෙම කැඳවීම කර තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සභාව ඉදිරියට කැඳවා ඇත්තේ කලින් අවස්ථා ගණනාවකදීම ලබාදුන් ප්‍රකාශ දී ප්‍රකාශවල ඔහුගේ නම සඳහන් වූ නිසාය.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වේලාසන දැනුවත් කරනු ලැබූ ලැබ ඇත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානි විසින් බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විග්නේෂ්වරන්ට යළිත් බහුතර බලය පෙන්වන්න වෙනවා – නැත්නම් යන්න වෙනවා

Shiran Viraj

හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේ

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj
Translate »