26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටි

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජය තීරණය කෙරුණේ ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුවයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 05කට ලකුණු 336ක් රැස් කළා.

විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 140යි. එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී රැස් කළ දෙවන ශතකය ද වනවා. විරාත් කෝලී ලකුණු 77ක් රැස් කළා.

පාකිස්තාන කණ්ඩායමේ පිළිතුරු ඉණිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර 40වන පන්දුවාරයේ දී කඩුලූ 06කට ඔවුන් රැස්කරගෙන සිටියේ ලකුණු 212ක් පමණයි. ඒ වනවිට තරගයේ ජයග‍්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ඉලක්කය ලකුණු 302ක්. 

1992 වසරේ සිට ඉන්දියාව සහ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලිවල දී අවස්ථා 07ක දී මුණගැසී ඇති අතර එම සියලූ අවස්ථාවන්හිදී ජය හිමිවී ඇත්තේ ඉන්දියාවටයි. මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ලොවපුරා වැඩිම පිරිසක් නැරඹු තරගය ලෙසටයි මෙය සැලකෙන්නේ. 

මේ අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරගය අද (17) පැවැත්වෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Shiran Viraj

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Shiran Viraj

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Shiran Viraj
Translate »