2026-10-31
mediahumanrights.lk
Local NewsNews

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි මෙම අනාවැකියේ දැක්වෙන්නේ.

සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80 ක් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව ද අදාළ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි  බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Shiran Viraj

ග්‍රීක බැඳුම්කර චෝදනාවලින් නිදොස්: ‘අධිකරණය විශ්වාස කළා’ – අජිත් නිවාඩ් කබ්රාල්

Shiran Viraj

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Shiran Viraj
Translate »