28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ගුරුවරිය දණ ගැස්සවීම පාර්ට් II- දුවගේ ගවුම දිග්කරන්නැයි කී ගුරුවරියට තර්ජනය කරමින් තාත්තා ඉස්කෝලේ යකා නටයි

පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර  ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන
පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ මදුරන්කුලිය – කිව්ලකැලේ මහා විද්‍යාලයේ සේවය කරන ආර්. එම්. පී. රත්නායක නම් ගුරු මහත්මියකි. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිසියට පැමිණිළි කර ඇති අතර පසුගිය 13 වැනිදා මෙම සිද්ධිය වී ඇත.
එම පාසලේ 11 වන වසර ඉගෙණුම ලබන සිසුවියක් නියමිත නිර්මිතයන්ට
නොගැලපෙන ආකාරයේ නිල ඇදුමකින් සැරසී පාසලට පැමිණ ඇත.
පාසලේ විනය බාර ආචාරණිය ඇයට අවවාද කර පසුදින පාසලට පැමිනෙන විට ගවුමේ
වාටිය ලිහා දමාගෙන පැමිනෙන ලෙස  ද පවසා ඇත.
එම සිසුවිය මේ බව දුරකථනයෙන් තම පියාට දැන් වීමෙන් අනතුරුව ඉන් කුපිත
වී ඇති දැරියගේ පියා එම අවස්ථාවේදීම පාසලට කඩා වැදී ඇත.
ඒ වන විට පාසලේ සතියේ උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබී ඇති අතර එම රැස්වීම අමතමින් සිට ඇත්තේද සිද්ධියට මුහුණ දී ඇති විනය බාර පාසල් ගුරුවරියයි.
පාසලට පැමිණ ඇති සිද්ධියට සම්බන්ධ සිසුවියන්ගේ පියා බව කියන අය සෙසු
සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලය ඉදිරියේ ම විනය බාර ගුරුවරියට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදුනු බව කියවේ.
පසුව විනය බාර ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට සහ පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැණුම්
දීමෙන් අනතුරුව පුත්තලම පොලීසියට ගොස් පැමිණිල්ලක් ද කර තිබේ.
15 වැනිදා දහවල් පොලිස් කණ්ඩායමක් අදාල පාසලට පැමිණ සිද්ධියට මුහුණ
දී ඇති ගුරුවරියගෙන් සහ එම අවස්ථාවේ පාසලේ සිටි සෙසු ගුරුවරුන්ගෙන්ද,
සිසු සිසුවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගෙන තිබේ.
පාසලට කඩා වැදී ගුරුවරියට තර්ජනය කළ අය පුත්තලම ප්‍රදේශීය සභාවේ
හිටපු සභාපතිවරයෙකුගේ බෑනා කෙනෙකු බවද දැන ගැනීමට ඇත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
පසුගිය 2013 වසරේ‍ ජුලි 14 වැනිදා ද නවගත්තේගම නවෝද්‍යා විදුහලේදීද  මීට සමාන සිදුවීමක් විය.
එදිනද එම පාසලේ විනය භාර ආචාර්යයවරිය සිසුවයකගේ ගව්මේ වාටිය ලිහාගෙන එන්නයැයි කළ අවවාදයේදී පාලසට කඩා වැදුනු එම සිසුවයගේ පිය  වන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම පාසලේ ගුරුවරියකට බැන තර්ජනය කරමින් ගුරුවරිය දණගැස්සවීමේ නින්දා සහගත ක්‍රියව සිදු කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාඩමක් ඉගෙන නොගෙන ඉන්දියාව ගත් තීරණය

Shiran Viraj

තවත් 633කට කොරෝනා..

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj
Translate »