26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

රජයෙන් නිවේදනයක්..

හදිසි අවස්ථා නීතිය බලාත්මක කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.

එම නිවේදනය මෙසේය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇත.

වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත.

ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරිණ.

පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ. ඇතැමෙකුට තුවාල සිදුවිය. දේපල හානිය රුපියල් මිලියන 39 කි.

පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.

Related posts

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

Shiran Viraj

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

Shiran Viraj

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Shiran Viraj
Translate »