mediahumanrights.lk
Local NewsNews

නිවාස කිහිපයකට හානි කරමින් මුලතිව් හීදි RPG උණ්ඩයක් පුපුරයි

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රාදේශයේදී ඊයේ (12) රාත්‍රියේ RPG වර්ගයේ උණ්ඩයක් පුපුරා ගොස් තිබෙනවා.
කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ මෙම උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පිපිරීමෙන් අසල නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.
මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්තක පිහිටි කසල ගොඩකට කසල එක්රැස් කිරීමෙන් පසු එයට ගිනි තිබා තිබෙනවා.
එහිදී සුළු මොහොතකින් විශාල ශබ්දයක් සමගින් මෙම බෝම්බය පුපුරා ගොස් තිබුණා. කෙසේවෙතත් පිපිරීම සිදුවන අවස්ථාවේදී කසළ ගොඩට ගිනි තැබූ පුද්ගලයා අදාළ ස්ථානයේ සිට නැහැ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj
Translate »