27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කරමින්, එය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය. රජය මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත සලකා බැලීමට සූදානම් බව නීතිපතිවරයා අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී තහවුරු කළේ ඉදිරි කාලසීමාව තුළ අධිකරණ අමාත්‍යවරයා විසින් මෙහි සංශෝධිත පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. රජයේ මෙම තීරණයත් සමඟ, පනතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 06ක් තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥ මණ්ඩලය පෙන්වා දුන් අතර, එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී.

Related posts

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

Shiran Viraj

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Shiran Viraj

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

Shiran Viraj
Translate »