mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයි

රටේ ඉදිරි දේශපාලන ගමන ශක්තිමත් කිරිමට නම් සියළුම දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බනදන් පවසනවා.
ඔහු කියා සිටියේ රට තුල පවතින යහපාලනය අතුගා දැමීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බවයි.
දෙමළ ජාතික සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් හා පක්ෂයේ නියෝජිතයන් අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව ජයග්‍රහණය කිරිමෙන් යහපාලන ආණ්ඩුවට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවයි.
නමුත් වත්මන් ආණ්ඩුව දේශපාලන වශයෙන් ශක්තිමත් කර ඉදිරියට රැගෙන යාමට නම් ඒ සඳහා දෙමළ දේශපාලන පක්ෂ ශක්තිමත් විය යුතු බවයි ආර්. සම්බන්දන් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

Shiran Viraj

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි

Shiran Viraj

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

Shiran Viraj
Translate »