28.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

බරපතළ වංචා සම්බන්ධ ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරයි

බරපතළ වංචා විමර්ශන ජනාධිපති  පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බරපතළ වංචා සම්බන්ධයෙන් වන ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරන බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසයි.
කොමිසම හමුවේ සාක්ෂි විමසීම් සිදු නොකර නීතිඥවරු මාර්ගයෙන් දිවුරුම් පෙත්සම් මඟින් සාක්ෂි ලබා ගැනීමට පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා මේ වන විටත් තීරණය කර ඇති බව ඔහු කියා සිටියේය.
එමෙන්ම ඉදිරි මාස දෙක තුළ අතිරේක දින යොදා ගනිමින් බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව රැස්වීමට නියමිත බවද එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කළේය.
මේ වන විට බරපතළ වංචා විමර්ශන ජනාධිපති  පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් පරීක්ෂණ අවසන් කරන ලද පැමිණිලිවලට අදාළව අවසන් වාර්තා 12ක් ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.
කොමිෂන් සභාවේ කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත අතර ලබන 15 වනදා කොමිසම යළි රැස්වීමට නියමිතයි.
ජාතික තරුණ සේවා සභාවේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් වන පරීක්ෂණය 15 වනදා පැවැත්වෙන අතර ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා ඇතුළු හිටපු නිලධාරීන් 8 දෙනෙකු නොතීසි ලත් පාර්ශවය ලෙස නම් කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana news web)

Related posts

වැසිකිළියට ගිය කාන්තාව දෙසට එබිකම් කළ නරුමයෙක් නිසා ගමේ තරුණයෙකුට වන්දි ගෙවන්න වෙලා

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Shiran Viraj

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Shiran Viraj
Translate »