31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයි

වසර 500ක් පමණ පැරණි කයිට්ස් බලකොටුව සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ, සඳහා විශේෂ කණ්ඩායමක් මේ දිනවල කයිට්ස් දුපතට යොමුකර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කයිට්ස් බල කොටුව ක්‍රිස්තු වර්ෂ 1505 දි පෘතුගීසීන් විසින් ඉදිකළ අතර පසුව ක්‍රිස්තු වර්ෂ 1796 දක්වා එය විශාල කර ලන්දේසින් විසින් භාවිත කළේය.
කයිටස් බල කොටුව ලන්දේසීන් භාවිත කළේ, ඔවුන් භාරයට ගන්නා සිරකරුවන් රඳවා තැබීමටයි.
බලකොටුවේ ප්‍රාකාර මත මේ වනවිට විශාල ගස් වර්ධනය වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව එහි ප්‍රාකාර මත ඇල්ගී හා ලයිකන ප්‍රභේද කිහිපයක්ද ව්‍යාප්ත වී ඇති අතර අදාළ කණ්ඩායම් ඒවා ඉවත් කිරීම මේ දිනවල සිදුකරන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

Shiran Viraj

සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…

Shiran Viraj

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහන

Shiran Viraj
Translate »