2026-07-04
mediahumanrights.lk
International NewsNews

චීනයේ සුපර් මෑන් – තට්ටු 62කින් බිමට උස් ගොඩනැගිලිවල සිට වැඩ පෙන්වූ චීන ජාතිකයාට තත්පරයක වැරදීමකින් දිවි අහිමි වෙයි

උස් ගොඩනැගිලි තරණය කර ඒවායේ සිට භයානක දර්ශන පෙන්වීමට ප්‍රසිද්ධියට පත්ව සිටි චීන ජාතිකයෙක් මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ බිමට වැටි ජිවීතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. . 26 හැවිරිදි වියේ පසුවූ චීනයේ සුපර් මෑන් යනුවෙන් ප්‍රසිද්ධව සිටි මෙම තරුණයා මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලට ගොස් එහි සිට සිය දක්ෂතා පෙන්වමින් සිට තිබෙනවා.
එතරම් ඉහළ ස්ථානයක සිට තම දෑත්වලින් එල්ලී ව්‍යායාම කරමින් වාර්තාවක් තැබීමටයි ඔහු උත්සාහ දරා තිබු‍ණේ. එම ක්‍රියාකාරකම්වලදී සමබරතාව ගිලිහී ගොස් මෙම තරුණයා ගොඩනැගිල්ලේ බිමට ඇදවැටී තිබෙනවා. මීට පෙර අවස්ථාවලදී ඔහු මෙවැනි ත්‍රසජනක වීඩියෝ රැසක් සමාජ ජාල වෙත යොමුකර එමගින් ප්‍රසිද්ධියක් ලබා තිබු අයෙකු බව සදහන්.
“චීනයේ පළමුවන  උස් ගොඩනැගිලි උඩ ගමන් කරන පුද්ගලයා ” යනුවෙන් මෙම චීන ජාතිකයා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. “Woo Yongning” නම් ඔහු  සමාජ මාධ්‍ය ඔස්සේ  මත පල කිරීම සඳහා ද  ප්‍රසිද්ධියක් උසුලයි. කෙසේ වෙතත් පසුගිය දින මෙලෙසින් ඔහු ජිවීතයෙන් සමුගත් අතර ඒ අවස්තාවේ පටිගත වූ විඩීයෝවක් අන්තර්ජාලයට එක්ව තිබුණා.
එම අවස්තාවේ වීඩියෝව පහතින් නරඹන්න (සංවේදි දර්ශන සහිතයි)
(under the courtesy of nethgossip.lk news web)

Related posts

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Shiran Viraj

ලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj
Translate »