mediahumanrights.lk
Local News News

රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලා

ගාල්ල පොලිස් වසමේ ඇතිවූ  නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමසේවා වසම් හයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාමසේවා වසවම් 06ට අද උදෑසන 9.00 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන්  කළේය.
දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි එම ප්‍රදේශ වල රාජකාරී සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන්  කළේය.
පොලිස් නිළධාරීන් 200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් සියයකට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට  අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Shiran Viraj

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Shiran Viraj