mediahumanrights.lk
NewsPolitical

රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..

‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේද අදහස් දැක්වීය.

“2025 මාර්තු මාසයේ දී ආණ්ඩුව සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඑම්එෆ් ගිවිසුම අනුව ආණ්ඩුව ලබන වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුයි.

ඒ කියන්නේ බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.

මාලිමාව අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන්න යෝජනා කළත් මූල්‍ය අරමුදල ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒකයි කියලා අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඒ අයට බෑ. අපේ ආණ්ඩු දේශපාලන වශයෙන් අවාසියි කියලා දැක්කාම මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මේ පාර ඒක කරන්න බෑ. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ණයහිමියන්ට ඇප වෙලා ඇපකරුගේ භූමිකාව ඉටු කලේ අයිඑම්එෆ්. අපි ගිවිසුමෙන් ඉවත් වුණොත් අයිඑම්එෆ් ඇපකාරත්වයෙන් ඉවත් වෙලා නැවත ලංකාව බංකොලොත් රටක් වෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බූදයක් ඇති වෙනවා.

ඒ වගේම පොරොන්දු වුණු බදු සහන ලබා නොදුන්නොත් ආණ්ඩුව විසින් ජනතාව රැවටුවා කියලා ජනතාවගේ වෛරයට ලක් වෙලා දේශපාලන අර්බූදයක් ඇති වෙනවා. තමන් ඇති කර ගන්නේ ආර්ථික අර්බූදයක් ද නැතිනම් දේශපාලන අර්බූදයක් ද කියන එක තීරණය කිරීම ආණ්ඩුවට භාරයි. මේ නිසාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අය වැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දයෙන් පසුව කරන්න”

Related posts

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

Shiran Viraj

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Shiran Viraj

තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි

Shiran Viraj
Translate »