32.2 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

මේ ආණ්ඩුව මගේ නිලධාරීන්ගෙනුත් පළි ගන්නවා

වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක් බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද (14) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක්  අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා  සහ එම සංස්ථාවේ හිටපු  අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Shiran Viraj

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

Shiran Viraj

කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්

Shiran Viraj
Translate »