31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමක්

2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
 2017 සැප්තැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරන අතර තව ද 2017 සහ 2016 යන වර්ෂ වල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 107.7 ක් සහ 101.6 ක් බව ද පෙන්වා දෙයි.
කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට, ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ඇගයීමට රජය මෙන්ම කර්මාන්තායතන ද භාවිත කරනු ලැබේ. ඒ අනුව නිෂ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.
ඒ අනුව 2016 සැප්තැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 සැප්තැම්බර්  මස ‘පිරි සකසන ලද ලෝහ  නිෂ්පාදන’, ‘මූලික ලෝහ නිෂ්පාදන’  සහ ‘මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදන’ වල පිළිවෙලින් 26.1%, 19.7% සහ 16.4% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 සැප්තැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය 7.3% ක වැඩිවීමක් වාර්තා වේ.
තව ද, ‘ගෘහ භාණ්ඩ නිෂ්පාදන’,  ‘බීම වර්ග නිෂ්පාදන’ සහ ‘වෙනත්  නිෂ්පාදන’ වල 2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 14.9%, 13.9% සහ 12.7% ක අඩුවීමක් වාර්තා විය. 2017 වර්ෂයේ තෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 3.9 % කින් වර්ධනය වී ඇත.

(under the courtesy of news.lk news web)

Related posts

රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..

Shiran Viraj

පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

Shiran Viraj

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

Shiran Viraj
Translate »