mediahumanrights.lk
NewsPolitical

“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයි

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවිමේ දැනුම්දිම සිදුවන ලබන 27 වැනි දාට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ද විපකෂය එකට එක් වී ඡන්දයට ඉදිරිපත් වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා අතර එකගතාවක් ඇතිවන බව වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පෙරේදා (19දා) මාතලේදි පැවසිය
අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රිතක් කමිටුව අමතමිනි .
“මෙතෙක් දික්කසාද වෙලා හිටපු මේ දෙන්න දෙමාලන්ට ඉදිරි පුංචි මගුල් ගෙදරදි එකතු වෙන්න පුළුවන්. පොදු සතුරා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම අපගේ අරමුණයි. මේ පළාත් පාලන ඡන්දය කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ ජයහ්‍රහණය කරනවා
මෙවර පවත්වන ඡන්ද ක්‍රමය  මටත් තේරෙන්නෙ නෑ. මේ ඡන්ද ක්‍රමයෙන් වංගු දාන්න පුළුවන්. මේ බෙදිම ගැටළුවක් කර ගන්න එපා අප්පච්චි මලෝ කියල මට මඩ ගහපු පිරිස තමයි මේ එකඟතාවයට අකුල් හෙලන්නෙ..”

(under the courtesy of hitnews.lk news web)

Related posts

ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාව

Shiran Viraj

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Shiran Viraj
Translate »