28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ගෝඨාභය රාජපක්ෂ ඇතුලට ? දේශපාලනය උණුසුම් කරවන ප්‍රවෘත්තියක් ලගදීම .!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම , ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රජයට මිලියන 90ක පාඩුවක පාඩුවක් සිදු කළා යැයි යන චෝදනාව එල්ල කරමින් මෙලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගැනීම සිදුකිරීමට යන බව සදහන්.
ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත්  රුපියල් මිලියන 90ක මුදලක්  අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම චෝදනාවට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මින්පෙර පවසා තිබුනේ අඩු වියදමකින් ඉදිරිකිරීම් අවසන් කිරීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බවත් එය මුදල් අවභාවිතයක් ලෙස මෙම ආණ්ඩුව දකිනා බවත්ය.
නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙන බවත් එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

Shiran Viraj

New York's first women-only boxing club is here

Shiran Viraj

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj
Translate »