26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

න්ද හිමි නාමලේඛනය සකස් කිරීමෙන් පසුව වුවද වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති යෞවනයන්ට ඡන්දය ලබා දීම සඳහා අවස්ථාව සළසා දීමට පරිපූරක ඡන්ද හිමි නාමලේඛනය සංශෝධනයට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා විධිවිධාන සැලසීමට 1980 අංක 44 දරණ ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර ඇත.
1980 අංක 44 දරණ ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි, සෑම වර්ෂයකම ජුනි මස 01 වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ ඇති පුරවැසියෝ ඡන්දහිමියන් වශයෙන් ලියාපදිංචි කෙරෙති.
ඒ සඳහා ඡන්දහිමි නාමලේඛනය වාර්ෂිකව ප්‍රතිශෝධනය කෙරෙන අතර, එම ක්‍රියාවලිය සඳහා මාස 06ක පමණ කාලයක් ගත වේ.
යම් වර්ෂයක ජුනි මස 01වන දින ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර එය සකසා සහතික කිරීමට පෙර කාලසීමාව තුළ කිසියම් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වුවහොත් එවැනි අවස්ථාවල දී ඊට පෙර වර්ෂය සඳහා සකස් කරන ලද ඡන්දහිමි නාමලේඛනය අදාළ කරගන්නා බැවින් ඡන්දහිමි නාම ලේඛනයෙහි ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද නවක ඡන්ද හිමියන්ට එවැනි ඡන්ද විමසීමක දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මඟ හැරේ.
එබැවින් යම්කිසි ඡන්දහිමි නාම ලේඛනයක් සහතික කිරීමෙන් පසු ඊළඟ වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කරනු ලබන තෙක් අතර කාලසීමාව තුළ දී වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන තැනැත්තන්ගේ නම් ඒ වනවිටත් සහතික කරනු ලැබ ඇති ඡන්දහිමි නාම ලේඛනයට අප්‍රමාදව ඇතුළත් කිරීම මගින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සඳහා පරිපූරක ඡන්දහිමි නාම ලේඛනයක් සකස් කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව මෙලෙස යෝජනා කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

කාලගුණය මත වූ කෘෂි රක්ෂණ ක්‍රමයක්

Shiran Viraj

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj
Translate »