mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

අද(06) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ දි  පුර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස්  ඇති බව වසංගත රෝග විද්‍යාංශ අංශ සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 547 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඊයේ මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවත් සමඟ වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් මරණ 09ක් වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට වෛරසය ආසාදනය වු ආකාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි

Shiran Viraj

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

Shiran Viraj

ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..

Shiran Viraj
Translate »