26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටද කොරෝනා වෛරසය ආසාදනය වී  තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරු සංඛ්‍යාව 07ක්. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත පැවසුවේ පාර්ලිමේන්තුව තුළ පී සී ආර් පරීක්ෂණ 1,400කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තු සංකිර්ණයේ සිදු කළ පී සී ආර් පරීක්ෂනයේදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වූ බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කෙසේවෙතත් ඉකුත් සෙනසුරාදා තමන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රීක්කවල කිතුල් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට එක්වූ බවත් අනතුරුව එදින රාත්‍රීයේ තමන්ට උණ රෝගය වැළදුනු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළා.

Related posts

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Shiran Viraj

වීරවංශ මියගිය බවට අන්තර්ජාලය කැළඹූ පුවත මෙන්න

Shiran Viraj

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්

Shiran Viraj
Translate »