2026-07-06
mediahumanrights.lk
NewsPolitical

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අහුංගල්ල ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ශ‍්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.
‘ඒක තමයි අපටත් ඔ්න. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.
අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්‍ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..

Shiran Viraj

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

Shiran Viraj
Translate »