27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත කිරීමට අනුවයි.

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ද ලොව හොඳම සංචාරක ගමනාන්නතය යන නාමය තවදුරටත් පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක්. එහෙත්, එම ආයතනය විසින් 2020 වසර වෙනුවෙන් නම් කර ඇති ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවට මෙවර ශ‍්‍රී ලංකාව ඇතුළත් කර නැහැ.

ඒ වෙනුවට 2020 වසරේ ලොව හොඳම සංචාරක ගමන්නාන්තය ලෙස නම් කර ඇත්තේ භූතානයයි. එහි දෙවන හා තෙවන ස්ථානය පිළිවෙළින් එංගලන්තයට සහ උතුරු මැසිඩෝනියාවට හිමිව  තිබෙනවා.

2020 වසෙර්දී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් ලැයිස්තුවේ පසුවන රටවල් 10 අතරින් එකකට හෝ පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව නැහැ. ලෝන්ලි ප්ලැනට් යනු ලොව ජනපි‍්‍රයතම සංචාරක මගපෙන්වීමේ ප‍්‍රකාශනය ද වනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්

Shiran Viraj
Translate »