28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලා

ගාල්ල පොලිස් වසමේ ඇතිවූ  නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමසේවා වසම් හයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාමසේවා වසවම් 06ට අද උදෑසන 9.00 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන්  කළේය.
දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි එම ප්‍රදේශ වල රාජකාරී සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන්  කළේය.
පොලිස් නිළධාරීන් 200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් සියයකට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට  අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Shiran Viraj

නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසි

Shiran Viraj

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

Shiran Viraj
Translate »