26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය හේතුවෙන් සාමාන්‍ය අගයට වඩා බස් රථවල වේගය වැඩි වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ දිනවල සිදු කළ සමීක්ෂණයකදීයි.
ඒ පිළිබඳ  කරුණු දක්වන ප‍්‍රමුඛතා මන්තීරු ව්‍යාපෘතියේ උපදේශක මහාචාර්ය අමල් කුමාරගේ පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට බස්රථවල වේගය සියයට 25කින් පමණ වැඩි වී ඇති බවයි. පැයකට බස් රථ 100කට වඩා ගමන් කරන මාර්ග සඳහා මෙම මංතීරු ක්‍රමය හඳුන්වා දී ඇති බවත් පැවසුවා. කෙසේවෙතත් ඉදිරියේදී අනෙකුත් මාර්ග සඳහාද මෙම ක්‍රමය හඳුන්වා දෙන්නට හැකිදැයි සොයා බලමින් ඇති බවත් සඳහන් කළා.
මෙම තත්ත්වය හේතුවෙන් බස් රථවල ගමන් කිරීම කෙරෙහි ජනතාවගේ කැමැත්ත වැඩිවනු ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදි ව්‍යාපෘති අධ්‍යක්ෂ පී පී විජේසේකර සඳහන් කළේ.
ඒ අනුව බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය දවස පුරා ක‍්‍රියාත්මක කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. ජනතාවගේ සහයද ඊට ඉතා අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
දැනට බස් ප‍්‍රමුඛතා මන්තීරුව ක‍්‍රියාත්මක වන්නේ මාර්ගයේ වම් පස තීරුවේයි. මතු වී ඇති ඇතැම් ගැටලූ හේතුවෙන් ඊට වෙනත් විකල්පයක් කෙරෙහි අවධානය යොමුව ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පී පී විජේසේකර ප‍්‍රකාශ කළා. විශේෂයෙන් මේ හේතුවෙන් වෙළඳසැල්වලට විශාල බලපෑමක් එල්ල වී ඇති බවද සඳහන් කළා.
මේ අතර, බස් ප‍්‍රමුඛතා මන්තීරුවේ තවත් අදියරක් අද (06) සිට ක‍්‍රියාත්මක වනවා. ඒ, පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වායි.
එය ආරම්භ වන්නේ පස්වරු 04.00 සිටයි. එමෙන්ම අද දිනයේ සිට බස් ප‍්‍රමුඛතා මන්තීරුවේ වෙනසක් සිදු කරන බවයි ප‍්‍රමුඛතා මන්තිරු ව්‍යාපෘතියේ උපදේශක මහාචාර්ය අමල් කුමාරගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඒ අනුව අද දින පාසල් වාරය ආරම්භ වෙන බැවින් දැනට ක්‍රියාත්මක වෙන සියලු ප්‍රමුඛතා මංතීරුවල පාසල් බස් රථ, පාසල් වෑන් රථ, කාර්යාලීය බස් සහ වෑන් රථ ධාවනය කරවීමටත් අවස්ථාව හිමිවනු ඇති.
අද දිනයේ සිට උදැසන 06.00 සිට උදෑසන 09.00 දක්වා මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කරනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්

Shiran Viraj

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

Shiran Viraj

දැන් සමාජවාදයක් නෑ.. අපි ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන එක්ක ඉදිරියට යනවා..- ලාල්කාන්ත

Shiran Viraj
Translate »