mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයට විශේෂ සන්දේශයක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් කැබිනට් මණ්ඩලයට අද (06) දිනයේදී විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ, දිනෙන් දින කල් යමින් ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගැනීමේ අරමුණින්.
මැතිවරණය පැවැත්විමට අවශ්‍ය වන මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනතේ වගන්ති සංශෝධනය කර ගැනීමට අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.
පළාත් පාලන මැතිවරණ සංශෝධනයන් හී සඳහන් සියයට 60 : 40 අනුපාතයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වුණා. ඒ අනුව තෝරා ගන්නා සභිකයන්ගෙන් සියයට 60ක් කොට්ඨාස ක‍්‍රමයටද සියයට 40ක් අනුපාත ක‍්‍රමයටද තෝරා ගනු ඇති.
මෙම ක‍්‍රමය පලාත් සභාලටද හඳුන්වා දීමටයි නියමිතව ඇත්තේ. එමගින් සියලු මැතිවරණ එක සමාන ක‍්‍රමවේදයකට අනුව පැවැත්වීමට හැකි වනවා. මෙම සියලු කරුණු පදනම් කරගනිමිනුයි මැතිවරණය පැවැත්වීමට අදාළ තීන්දුවක් ගැනීමට අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ.
මේ අතර, පළාත් සභා මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීම පිලිබඳ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමටද විෂය භාර අමාත්‍යවරයා සූදානම් වනවා. එමෙන්ම ඊට අදාළ නිර්දේශ ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඔබත් යන යන තැන සෙල්ෆි ගන්නවද? එහෙමනම් අනිවාර්යෙන්ම මෙම සටහන කියවන්න

Shiran Viraj

දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj
Translate »