28.4 C
Colombo
2026-07-07
mediahumanrights.lk
NewsSportsSports News

අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. දෙරට මෙවර තරගාවලියේ මේ දක්වා පැවති සියලූ තරගවල ජය හිමිවුයේ ඉන්දීය කණ්ඩායමටයි.
ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙසත් එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙසත් ඉන්දීය කණ්ඩායම ජයගත්තා.
ඒ අනුව ඉන්දීය තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණයක් සොයා ගැනීමට ඇති එකම අවස්ථාව මෙය වනවා.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්සයි විස්ස තරග දහයෙන් හයක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. ශී‍්‍ර ලංකාව ඉතිරි තරග 4 ජයගත්තා.
ආර් පේ‍්‍රමදාස පිටියේ ඉන්දියා සහ ශී‍්‍ර ලංකාව මීට පෙර සහභාගි වී ඇත්තේ එක් පන්දුවාර විස්සයි විස්ස තරගයකට පමණයි. එය ශී‍්‍ර ලංකාවේ පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය වන අතර 2009 දී එය පැවැත්වුණා. එහිදී කඩුලු 3 ක ජයක් හිමි වුයේ ඉන්දියාවටයි.
අද තරගය පැවැත්වෙන ආර් පේ‍්‍රමදාස පිටියේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ පසුගිය තරග 13 න් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 2 ක් පමණයි.
ඉන්දියාව තරග 6 ක් කී‍්‍රඩා කර ඉන් 5 ක්ම ජයගෙන තිබෙනවා. නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව පස්වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයේයි.
(under the courtesy of nethfm news web)

Related posts

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Shiran Viraj

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Shiran Viraj
Translate »