28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේ

වසරේ හොඳම පොලිස් කොට්ඨාසය ලෙස තංගල්ල සහ අනුරාධපුරය තේරි පත්වී තිබෙනවා.
ඒ, 151 වන පොලිස් දිනය නිමිත්තෙන් පැවැත්වූ තරගයකදීයි. එහිදී හොඳම පොලිස් කොස්තාපල්වරයා ලෙස බෙලිඅත්ත පොලිසියේ එම්.එම් නෙවිල් කුමාර තේරී පත් වී තිබෙනවා.
ඒ, පොලිස් කොස්තාපල්වරුන් පනස් පන්දහසක් අතරින්.
හොඳම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ලෙස කටුවන පොලිසියේ කේ.කේ ප‍්‍රියන්ති තේරි පත් වුණා.
ඒ, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දස දහසක් අතරින්. හොඳම පොලිස් සැරයන් ලෙස කටුවන පොලිස්යේ ඞී.කේ.එස් කුමාර තේරි පත් වුණා.
ඒ, පොලිස් සැරයන් තනතුරේ සිටි නිලධාරීන් විසි දහසක් අතරින්.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම් ලබා දීමටද තීරණය කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Shiran Viraj

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Shiran Viraj

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

Shiran Viraj
Translate »