29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9 ක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එල්.ටි.ටි.ඊ. සංවිධායේ හිටපු සන්නද්ධ අංශයේ නායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් නැමැත්තාට එරෙහිව සිදු කළ විමර්ශන අවසන් කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (06) අධිකරනයට දන්වා තිබෙනවා.
විමර්ශන ගොනු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි මූල්‍ය අපරාධ කොට්ඨාසය දන්වා සිටියේ.
සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බව ද පොලිසිය අධිකරනයට දන්වා තිබුණා.
මෙම නඩුව දෙසැම්බර්  මස14 දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(06) නියෝග කළා .
(under the courtesy of nethfm news web)

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj

කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයි

Shiran Viraj
Translate »