2026-07-07
mediahumanrights.lk
Local NewsNews

බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…

හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානා භාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.

හැටන් නගරයේ බිත්තර අලෙවි කරන වෙලෙදුන් පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් හේතුවෙන් (07) දින වැටලිමක් සිදු කර එම වෙලෙදුන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බවයි අමිල රත්නායක මහතා කියා සිටියේ.

සුදු බිත්තරයක් රු 44/= , රත් බිත්තරයක් රු 46/= උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය මගින් මිල පාලනයක් ප්‍රකාශයට පත් කර ඇතත් , හැටන් නගරයේ බිත්තර වෙලෙදුන් සුදු සහ රතු බිත්තර රු 52 – 56  දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරමින් සිටි බවයි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.

බිත්තර වැඩි මිලට අලෙවි කරමින් සිටි නිතියේ රැහැනට හසු කරගත් බිත්තර වෙලෙදුන් තිදෙනාට එරෙහිව මේ මස (10) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් , එදිනට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට එම වෙලෙදුන් තිදෙනාට උපදෙස් ලබා දි ඇපකරයක් අත්සන් කරගත් බවත්, නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායත මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj
Translate »