mediahumanrights.lk
Local News News

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේ

වසරේ හොඳම පොලිස් කොට්ඨාසය ලෙස තංගල්ල සහ අනුරාධපුරය තේරි පත්වී තිබෙනවා.
ඒ, 151 වන පොලිස් දිනය නිමිත්තෙන් පැවැත්වූ තරගයකදීයි. එහිදී හොඳම පොලිස් කොස්තාපල්වරයා ලෙස බෙලිඅත්ත පොලිසියේ එම්.එම් නෙවිල් කුමාර තේරී පත් වී තිබෙනවා.
ඒ, පොලිස් කොස්තාපල්වරුන් පනස් පන්දහසක් අතරින්.
හොඳම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ලෙස කටුවන පොලිසියේ කේ.කේ ප‍්‍රියන්ති තේරි පත් වුණා.
ඒ, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දස දහසක් අතරින්. හොඳම පොලිස් සැරයන් ලෙස කටුවන පොලිස්යේ ඞී.කේ.එස් කුමාර තේරි පත් වුණා.
ඒ, පොලිස් සැරයන් තනතුරේ සිටි නිලධාරීන් විසි දහසක් අතරින්.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම් ලබා දීමටද තීරණය කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

Shiran Viraj

ගමේ පාසල් සියලු පහසුකම්වලින් සම්පූර්ණ කරනවා

Shiran Viraj

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

Shiran Viraj