30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

පාර්ලිමේන්තුවට ආදායම් මාර්ග දෙකයි – මාසිකව පාඩුව ලක්ෂ 69 යි

පාර්ලිමේන්තුව මාසිකව රුපියල් ලක්‍ෂ 69 ක් පමණ පාඩු ලබන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
අදාළ තොරතුරුවලට අනුව පාර්ලිමේන්තුවට ආදායම් ලැබෙන්නේ ප‍්‍රධාන ක‍්‍රම දෙකකින්. ඒ, ආහාර අළෙවියෙන් සහ මාදිවෙල මන්තී‍්‍ර නිවාසවල කුළියෙන්.
එම ක‍්‍රම දෙකෙන්ම පාර්ලිමේන්තුවට ලැබෙන මාසික ආදායම රුපියල් ලක්‍ෂ 11 ක් පමණ බවයි අදාළ තොරතුරුවලින් කියවෙන්නේ.
එහෙත් පාර්ලිමේන්තුවේ මාසික වියදම රුපියල් ලක්‍ෂ 80 ක් පමණ වනවා.
මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස ගණන 120 ක්. මේ වනවිට ඒවායින් නිවාස 108 ක මන්තී‍්‍රවරුන් නවාතැන් ගෙන සිටිනවා.
එම එක් නිවසකින් මාසික කුළිය ලෙස අය කෙරෙන්නේ රුපියල් 1000 ක් පමණයි.
ඊයේ (06) සිට මිළ වැඩි කිරීමෙන් පසු මැති ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී ලබාදෙන ප‍්‍රධාන ආහාර වේලක මිළ රුපියල් 200 ක් වනවා. කෙසේවෙතත් එම ආහාර වේලක් පිළියෙල කිරීමට විදුලිය සහ ගෑස් නොමැතිව වැයවන මුදල රුපියල් 900කට වැඩියි.
රැස්වීම් දිනක මැතිඇමතිවරුන් ඇතුළු 1500 ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගන්නවා. වෙනත් දිනක පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගන්නා පිරිස 1000කට ආසන්නයි.
මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා ලබාදෙන රුපියල් ලක්‍ෂයක කාර්යාලයීය දීමනාව දැනට ලබා නොගන්නේ එක් මන්තී‍්‍රවරයෙකු පමණක් බව නෙත් නිවුස් කළ විමසීමකදී හෙළි වුණා. ඒ, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පමණයි.
අදාළ දීමනාව සඳහා මුදල් ලබා ගැනෙන්නේ අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන්. මේ සදහා රුපියල් දහතුන් කෝටි 44 ලක්‍ෂයක අතිරේක ප‍්‍රතිපාදන ඉල්ලා සිටිමින් පරිපූරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුවට ඊයේ (06) ඉදිරිපත් කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

Shiran Viraj

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

Shiran Viraj

2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.

Shiran Viraj
Translate »