27.7 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

නව විදේශ ඇමති, ජනපති අගමැති සාකච්ඡාවකින් පසු

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් පසු නව විදේශ අමාත්‍යවරයා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදේශ අමාත්‍ය ධුරය තම පක්ෂයට හිමිව පවතින බවයි.
එම නිසා නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු එම තනතුරට පත්කරන බව ඔහු අවධාරණය කළා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ ගනු ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, විදේශ අමාත්‍ය ධුරයට පත්වන තැනැත්තා සම්බන්ධයෙන් ඊයේ (10) හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා අස්වීමෙන් පසු විවිධ ඉඟි පළවනුද දක්නට ලැබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයි

Shiran Viraj

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj
Translate »