2026-07-11
mediahumanrights.lk
NewsPolitical

නව විදේශ ඇමති, ජනපති අගමැති සාකච්ඡාවකින් පසු

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් පසු නව විදේශ අමාත්‍යවරයා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදේශ අමාත්‍ය ධුරය තම පක්ෂයට හිමිව පවතින බවයි.
එම නිසා නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු එම තනතුරට පත්කරන බව ඔහු අවධාරණය කළා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ ගනු ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, විදේශ අමාත්‍ය ධුරයට පත්වන තැනැත්තා සම්බන්ධයෙන් ඊයේ (10) හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා අස්වීමෙන් පසු විවිධ ඉඟි පළවනුද දක්නට ලැබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj

රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…

Shiran Viraj

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Shiran Viraj
Translate »