28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙරට තුල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී මෙය හඳුනා ගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දෙමටගොඩ, ආරාමය පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් ආසාදිතයින් 05 දෙනෙකුට ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මිට අමතරව කොළඹ නගරසභා බලප්‍රදේශයේ කොළඹ 6,8 සහ 10 යන ප්‍රදේශවලින්ද, කරාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ ජෛ සාම්පල් පරික්ෂණ මගින් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනා ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත්  පැවසුවේ.

Related posts

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Shiran Viraj

වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙට

Shiran Viraj
Translate »