31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

මිනී මස් ආහාරයට ගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

කුණු අප්‍රිකාවේ පොලිස් ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍යවාර්තා කරනවා.
එලෙස පැමිණි පුද්ගලයෙකු පවසා ඇත්තේ “තමන්ට මිනී මස් කලා එපා වෙලා” යනුවෙන්.
මෙලෙස පොලිසියට පැමිණි එක් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න සිදුකරන අවස්ථවේදී  මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඒ අනුව අදාල පුද්ගලයින් හතර දෙනා මිනී මස් කෑමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන එස්ට්කොර්ට් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණ සඳහා එම පුද්ගලයා ක්වාසුලු නටාල් නමැති ප්‍රදේශයේ පිහිටි නිවසකට රැගෙන ගිය අවස්ථාවදී එහි තිබී තවත් මිනිස් සිරුරු කොටස් හමුවී ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙන අතරින් දෙදෙනෙකු සාම්ප්‍රදායික කට්ටඩියන්වන අතර, ඔවුන් සිවුදෙනාට එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් වයස අවුරුදු 22 සහ 32 යන වයස් සීමාවල පසුවන්නන් වන අතර මෙම පිරිස සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් විය හැකි බවට එරට ආරක්ෂක අංශ සැක පලකරනවා.
සැකකරු පොලිසියට රැගෙන ආ සිරුරු කොටස් එක පුද්ගලයෙකුගේ ද නැතිනම්  කිහිප දෙනෙකුගේ ද යන්න අනාවරණය යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පරීක්ෂණ බවයි වාර්තා වන්නේ.
මීට මාසයකට පෙර මිනිස් හිසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඩර්බන් නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එය කට්ටඩියෙකුට අලෙවි කිරීම සඳහා එය රැගෙන යමින් සිටි බව විශ්වාස කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

අධිශිෂ්‍යත්වයක් ලබා ‍ගෝඨාභය සිංගප්පූරු යයි

Shiran Viraj

බොලිවුඩ් නළු අමීර් ඛාන් සිනමාවෙන් අභ්‍යාවකාශයට

Shiran Viraj

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj
Translate »