28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ.
අද පැවත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී කිරි ගොවීන් කොළඹට කැඳවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් කිරි එක් රැස් කිරීමේ කටයුතු අඩාල වූ ඉකුත් සමයේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් බවයි ග‍්‍රාමීය කටයුතු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Shiran Viraj

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…

Shiran Viraj

Tech Insider – Should Apple release an iPad Pro mini?

Shiran Viraj
Translate »