mediahumanrights.lk
LIFE LIFE NEWS News

පාදයේ ඇඟිල්ල හිරිවැටීම පිළිකා ලක්‍ෂණයක්‌ බව සොයා ගත්ත හැටි

ප්‍රශ්නය – පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ල කාලයෙන් කාලයට හිරි වැටෙනවා නම්, එහි අධික වේදනාවක්‌ හටගෙන පාදය දිගේ උඩට පැතිර ගොස්‌ නැති වෙනවා නම් එය අනාගත පිළිකා රෝගයක පූර්ව ලක්‍ෂණයක්‌ විය හැකි බව ඔබ පසුගිය සාකච්ඡාවක සඳහන් කළා. එසේ වෙන්නේ ඇයි?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – අපේ පාරම්පරික මතයට සහ දැනුමට අනුව පිළිකාවක්‌ හටගන්නේ ශරීරයේ වාත පිති, කප යන වේග තුන කිපීම නිසයි. මෙසේ තියෙන අතර මේ ප්‍රවේග තුනෙන් එකක්‌ වැඩිපුර තියෙනවා. කෙනෙකුගේ ජීර්ණශක්‌තිය (ආහාර දිරවීමේ හැකියාවේ) හෙවත් ආහාර ජීර්ණයට බලපාන එන්සයිම ප්‍රමාණය පහත වැටුණාම ශරීරය තුළ විෂ එකතු වීමට පටන් ගන්නවා. එසේ එකතුවන තැන පිළිකාවක්‌ හට ගැනීමට අවශ්‍ය වාතාවරණය බිහිවනවා. පිළිකාවක තිබෙන්නේ සැබෑ ශක්‌තියක්‌ හෙවත් අහිතකර ශක්‌තියක්‌. එයට අප කියනවා Negative Life energy කියලා. මේ අහිතකර ශක්‌තිය සමාන වන්නේ ශරීරයේ තැන්පත්ව තිබෙන එහෙමත් නැත්නම් ශරීරය වාසස්‌ථානය කරගත් ක්‍ෂුද්‍ර ජීව ශක්‌තියකටයි. පාදයේ දෙවන ඇඟිල්ල දිගේ වේදනාවක්‌ ඇති කරමින් ඉහළට ගමන් කරන්නේ ඒ අහිතකර ශක්‌තිය අවධිවන අවස්‌ථාවේදී ස්‌නායු පද්ධතියට කරන බලපෑමයි.
ප්‍රශ්නය – නවීන විද්‍යාව අනුවත් මෙය සත්‍යයක්‌ විය හැකිද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – නවීන විද්‍යාව මගින් මෙය කොහොම අර්ථකථනය කරනවද කියල කියන්න බැහැ. මෙය පාරම්පරික අත්දැකීමක්‌. දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ආයුර්වේදය වගේම පර්යේෂණ මත නොව පර්යේෂණාත්මක අත්දැකීමක්‌. වෙද පරම්පරා දහයක්‌ ඒ ගැන හොයා බලල තිබෙනවා.
ප්‍රශ්නය – එතකොට ඒ සඳහා ඖෂධ පිළියෙළ කිරීමේ පදනම කුමක්‌ද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – දේශීය වෛද්‍ය ක්‍රමයේ පීතෘවරයා තමයි ලංකාවේ රාවණ රජතුමා. ඔහු සඳහන් කරලා තිබෙනවා ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් ගත හැකි ගහ කොළ 5999 ක්‌ මේ මහ පොළොව මත හැදෙනවා කියලා. ඔහු එහෙම කියන්නේ ඔහුට පෙර පරම්පරාව අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ ඒ ගහකොළවලිsන් හදන ඖෂධ රෝගීන්ට දීලා පර්යේෂණාත්මක අත්දැකීම් මත පදනම් වූ විද්‍යාවක්‌. ඒ අත්දැකීම් එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. මෙයට අවුරුදු දහස්‌ ගණනකට පෙර ජීවත් වූ අපේ පැරැන්නකුගේ පාදයේ ඇඟිල්ලක්‌ ක්‍ෂණිකව හිරිවැටෙනවා කියලා හිතන්න. ක්‍ෂණිකව වේදනාවක්‌ ඇවිත් නැතිව යනවා කියලා හිතන්න. ඒ අතර ඔහුට පිළිකාවකුත් හැදෙනවා. ඔහු මේ දෙක අතර සම්බන්ධයක්‌ තියෙනවද කියන සැකය සහිතව ඒ බව වෛද්‍යවරයාට කියනවා. ඊළඟට තමන් වෙත එන පිළිකා රෝගීන්ගෙන් වෛද්‍යවරයා අහනවා පාදයේ ඇඟිල්ලක්‌ හිරිවැටෙන ලක්‍ෂණයක්‌ තිබුණද කියලා. ඔව් කියන අය ගැන සැලකිල්ලට අරන් බෙහෙත් දෙනවා. ඒක තමයි අත්දැකීම කියන්නේ. ඊළඟට වෛද්‍යවරයා තම ශිෂ්‍යයන්ට මේ අත්දැකීම විස්‌තර කරනවා. එය තමයි පරම්පරාවෙන් පරම්පරාවට දැනුම යන ක්‍රමය. මෙහෙම පරම්පරා අතින් අතට යන දැනුම පරම්පරා දහයක්‌ විතර යන විට නිර්ණායකයක්‌ හෝ සම්මතයක්‌ බවට පත් වෙනවා. ඒ වන විට එයට අත්දැකීම් ලබලා තිබෙනවා. පිළිකාවට ඖෂධ පිළියෙල කරන විට ගන්නේ ඒ පාරම්පරික පර්යේෂණාත්මක අත්දැකීම් පිළිබඳ දැනුමයි. උදාහරණයක්‌ හැටියට පිළිකාවට අත්දුටු ගුණ දෙන මහා හරි තෛලය මම හදන්නෙත් ඒ විදියටයි.
ලබන සතියේ කොහොමද මේ හරි තෛලය හදන්නේ….
නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
divaina.com

Related posts

කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

Shiran Viraj

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

Shiran Viraj

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

Shiran Viraj