2026-08-20
mediahumanrights.lk
Local NewsNews

ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..

වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විසින් අද ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කිරීමට තරම් විශේෂ කරුණු කිසිවක් අධිකරණය හමුවේ හෙළිදරවු වී නැති බවයි.

ඥානසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන හා අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් විභාග කිරීම ප්‍රමාද වීම සමකමින් උන්වහන්සේ ඇපමත මුදා හරින ලෙසට ඥානසාර හිමියන්ගෙන් නීතිඥයන් විසින් මෙම ඇප ඉල්පීම ඉදිරිපත් කර තිබිණි.

Related posts

කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

Shiran Viraj

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Shiran Viraj

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj
Translate »