mediahumanrights.lk
News Political

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ අයිතිය ගැන පමණක් නොව එයින් ලැබෙන ප්‍රතිලාභය ගැනද බව බවද පවසන ඔහු ශ්‍රී ලංකාවේ ජනතාවට බොහෝ වත්කම් තිබෙන නමුත් ඒවායෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නැති බවද ඒවායේ වගකීම්ද රජයට බාර ගන්නට සිදුවී ඇතැයි ද පැවසීය.

මැද පෙරදිග රටවල් ඇතිවල ඇති සම්පත් විකිණුවේ නැතිනම් එම රටවලට කිසිම වත්කමක් නැති බවද කී ඔහු අදටද ලංකාවේ පොස්පේට් නිධියක් ඇතත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයිද පෙන්වා දෙයි.

රටේ වවන්නට පුළුවන් ආහාර වැවුවත් බැරි දේවල් පිටරටින් ගෙන්වීමටත් සිදුවන බවද පැවසූ ඔහු රටේ ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය බව මත බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බැංකු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

Related posts

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Shiran Viraj

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයි

Shiran Viraj

ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…

Shiran Viraj