26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ අයිතිය ගැන පමණක් නොව එයින් ලැබෙන ප්‍රතිලාභය ගැනද බව බවද පවසන ඔහු ශ්‍රී ලංකාවේ ජනතාවට බොහෝ වත්කම් තිබෙන නමුත් ඒවායෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නැති බවද ඒවායේ වගකීම්ද රජයට බාර ගන්නට සිදුවී ඇතැයි ද පැවසීය.

මැද පෙරදිග රටවල් ඇතිවල ඇති සම්පත් විකිණුවේ නැතිනම් එම රටවලට කිසිම වත්කමක් නැති බවද කී ඔහු අදටද ලංකාවේ පොස්පේට් නිධියක් ඇතත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයිද පෙන්වා දෙයි.

රටේ වවන්නට පුළුවන් ආහාර වැවුවත් බැරි දේවල් පිටරටින් ගෙන්වීමටත් සිදුවන බවද පැවසූ ඔහු රටේ ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය බව මත බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බැංකු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

Related posts

ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයි

Shiran Viraj

සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝ

Shiran Viraj

කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයි

Shiran Viraj
Translate »