28.4 C
Colombo
2026-07-10
mediahumanrights.lk
NewsSportsSports News

කිසිවෙකුට නොදන්වා එක්වරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිළියට පැමිණි පිරිස ?

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී චෝදනා එල්ලවී ඇති අතර මේ වනවිට නැවතත් ඒ වන විට කතාබහට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට දේශීය සහ ජාත්‍යන්තර තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයන් සහ බලධාරීන් පවා සම්බන්ධ වූ බව මෙලෙස එල්ලවන චෝදනා වනවා.
මේ අතර බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුවී ඇති සිදුවීමක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්වූවා.
එම සිදුවීම වන්නේ හම්බන්තොට මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරඟයකදී ICC දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් හදිසියේම පැමිණ ක්‍රීඩක විවේකාගාරයේ වැසිකිලි සෝදිසි කළ බවට පලවන වාර්තාවයි.
එම වාර්තාවන් තුළ වැඩිදුරටත් දක්වා ඇත්තේ නවක ක්‍රීඩකයෙකුගේ සැක කටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලකට අනුව ICC විසින් මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන තරඟ අතරතුර ICC දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් දිවයිනට පැමිණ ඇති බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්  ICC දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිය දූෂණ විරෝධී ඒකකය පවත්වන සාමාන්‍ය සෝදිසි මෙහෙයුම් පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බවයි.
ක්‍රීඩකයෙකුට හෝ බලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ වුවහොත් පමණක් ICC ය විසින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බව එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Shiran Viraj

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Shiran Viraj

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj
Translate »