mediahumanrights.lk
International News News

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

වෛද්‍යවරුන්ට හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා.
ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ.
ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද?
මේ එහෙම කරන්නේ නැති වෛද්‍යවරුන් පිරිසක් ගැන තමයි කියන්න හදන්නේ.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 29 වනදායි.
උමේඩා නම් රෝහලක සැත්කමක් කරන අතුරතුර වෛද්‍යවරුන් දෙපළක් අතර උණුසුම් වචන හුවමාරුවක් ගොස් තිබෙනවා
මෙහෙම රණ්ඩු වුණේ සැත්කමකට භාජනය කර තිබූ කාන්තාවගේ උදර කොටසක් කපා තිබෙන අතරතුරයි.
දරුවෙකු සිසේරියන් සැත්කමකින් එළියට ගැනීමට මෙම ශල්‍යකර්මය සිදු කෙරුණු අතර වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා මේ දරුවාටද මෙලොව එළිය දකින්නට වරම් ලැබී නැහැ.
කොහොමවුනත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හා නිර්වින්දන ආචාර්යවරයෙකු අතර ඇතිවුණු රණ්ඩුවෙන් අවසානයේ වන්දිගෙවන්නට වුණේ අහිංසක ජීවිතයකටයි.
(under the courtesy of adaderana news web)

Related posts

නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායක

Shiran Viraj

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj

ආර්ථික කමිටුවක් තියෙනවා, විශේෂඥයන් ඉන්නවා කියා අන්තිමේ ජනාධිපතිම මුදල් ඇමතිකම අරන්..

Shiran Viraj