2025-12-10
mediahumanrights.lk
Local NewsNews

විද්‍යා ඝාතනය – නාවික හමුදාව පිට දාන්න සාක්ෂි දෙයි

නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්‍රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය  (28) දා පැවසීය.
වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.
නඩු විභාගයට අදාළ පැමිණිලි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම (28) දිනයේ සිට ආරමිභ කරනු ලැබීය.
නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සඳහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂීන්ද්‍රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.
මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරමිභයේ සිටම උත්සහ ගෙන ඇති බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!

Shiran Viraj

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Shiran Viraj

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

Shiran Viraj
Translate »