mediahumanrights.lk
News Sports Sports News

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් පැවති සාකච්ඡාවකදි ඔහු පැහැදිලි කිරීම සිදු කළේය.

හොමාගම ආසන්නයේ ඉදිකිරීමට යෝජනා වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ මොහොතේ ප‍්‍රමුඛ නොවන බවත් ඒ වෙනුවට පළාත් මට්ටමින් සහ පාසල් මට්ටමෙන් නවක ක්‍රීඩකයන් ජාතික තලයට ගෙන ඒමේ වැඩපිළිවෙළට වැදගත්කම මහේල ජයවර්ධන විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහදා දෙන ලදී.

එමෙන්ම ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ලෝක ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වනු ඇති බවත් එනිසා හෝමාගම තවත් ක‍්‍රිකට් පිටියක් ඉදිකර එමගින් ලාභ ඉපැයීමක් ගැන සහතික කල නොහැකි වුවද බවත් ඔහු පෙන්වා දුන්නේය.

සාකච්චාවේ ප්‍රතිපල මත මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ අදාළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හා අත්හිටුවන ලෙසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

Shiran Viraj

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

Shiran Viraj

පුංචි ඡන්දයේ පමාවෙන් ඩෙංගු වැඩි වෙනවා!

Shiran Viraj