31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

තමනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලැබුණොත් සියලු ගැටලු විසඳා දෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයෙන් දෙදෙනෙක් ආණ්ඩුව ගිය ආකාරයෙන් තමාටච තුන්වෙනියා ලෙස ආණ්ඩුවට එක් වීමේ හැකියාවක් ඇතැයි ද පැවසූ ඔහු නමුත් මේ මොහොතේ වගකීම දැරිය යුත්තේ සාමූහිකව බවද පැවසීය.

ආණ්ඩුවට එක්වන්නේ යැයි පල වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රිවරයා මෙසේ කියා සිටියේය.

“මට දුන්නා නම් සෞඛ්‍ය ඇමතිකම මම 2015 දී වගේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. ආණ්ඩුවට යනවා නම් මෙච්චර බල බල ඉන්න ඕනේ නෑ නේ. දැන් දෙන්නෙක් ගියේ අපේ.. ඒ වගේ තුන්වෙනියාට මට යන්න පුළුවන් නේ. එහෙම ගිහින් වැඩක් නැහැ. මේ රට ගොඩගන්න වැඩකට ඒකාබද්ධව තමයි යන්න ඕනේ.”

තනි පක්ෂයකට දේශපාලනය කරන්නත් පුළුවන්..ආණ්ඩුවක් ගන්නත් පුළුවන් හැබැයි කිසිම තනි පක්ෂයකට රට හදන්න බැහැ.

ඇමතිකමක් ඕනේ නම් එක දුරකථන ඇමතුමකින් මට ඒ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ පුද්ගලයෙක් යන එක නෙමෙයි. සියලු කට්ටිය එකතු වෙලා එක ගමනක් යන්න ඕනේ.”

Related posts

වැසි ජලය සංරක්ෂණය කෙරේ

Shiran Viraj

බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – Photos

Shiran Viraj

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

Shiran Viraj
Translate »