28.4 C
Colombo
2026-09-20
mediahumanrights.lk
Local NewsNews

හෝමාගම පාවහන් කර්මාන්ත ශාලාවක ගින්නක්

අතුරුගිරිය පොලිස් වසමේ – පනාගොඩ- හෝමාගම ප්‍රදේශයේ පකිස්ථානු පාවහන් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඊයේ(29) රාත්‍රී 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව සඳහන්ය.
අතුරුගිරිය පොලීසිය, පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, කොළඹ ගිනි නිවීමේ ඒකකය, හෝමාගම විදුලිබල මණ්ඩල සේවකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයි

Shiran Viraj

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Shiran Viraj

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj
Translate »