27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්න

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව  වාර්තා වුණා.
වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි. එහිදී අධික මුදලකට ආසන පැනවීම සිදුවන බවයි  වාර්තා වුණේ.
එලෙස පනවන ආසනද ප‍්‍රමිතියෙන් තොර බව අනාවරණ වුණා. මේ සම්බන්ධයෙන් විදෙස් සංචාරකයින්ද චෝදනා කර ඇති බවයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවර නගරයේ සංචාරයක නිරත වූ  කණ්ඩායම පැවසුවේ.
මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද (31) වීථි සංචාරය කෙරෙනවා.
ඒ අද පස්වරු 6.39ට යෙදෙන සුභ මොහොතින්. පෙරහැර ඞී.එස්. සේනානායක වීථිය, කොළඹ වීථිය, ඊ.එල්. සේනානායක වීථීය ඔස්සේ රජ වීථියට පැමිණ යළි දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »