28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්න

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව  වාර්තා වුණා.
වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි. එහිදී අධික මුදලකට ආසන පැනවීම සිදුවන බවයි  වාර්තා වුණේ.
එලෙස පනවන ආසනද ප‍්‍රමිතියෙන් තොර බව අනාවරණ වුණා. මේ සම්බන්ධයෙන් විදෙස් සංචාරකයින්ද චෝදනා කර ඇති බවයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවර නගරයේ සංචාරයක නිරත වූ  කණ්ඩායම පැවසුවේ.
මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද (31) වීථි සංචාරය කෙරෙනවා.
ඒ අද පස්වරු 6.39ට යෙදෙන සුභ මොහොතින්. පෙරහැර ඞී.එස්. සේනානායක වීථිය, කොළඹ වීථිය, ඊ.එල්. සේනානායක වීථීය ඔස්සේ රජ වීථියට පැමිණ යළි දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවා

Shiran Viraj

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

Shiran Viraj

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධය

Shiran Viraj
Translate »