26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයි

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි.
උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Shiran Viraj

යුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….

Shiran Viraj
Translate »