2026-08-20
mediahumanrights.lk
Local NewsNews

රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඔවුන් සැඟවී සිටින තැන පැය 24ක් ඇතුළත හෙළිකර ගන්නා ලෙසත් ළඟම පිහිටි යුද හමුදා කඳවුරේ ප්‍රධානියා ද සම්බන්ධ කරගනිමින් නිරෝධායනයට ඉහත යොමු කරන ලෙසත් පොලිස් මූලස්ථානය විසින් නියෝග කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශය විසින් මෙම 49 දෙනා පිළිබඳ දෙන ලද විශේෂ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මාර්තු මස මුලදී මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයන් 49 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන අතර ඔවුන් ඉන්දුනීසියාව, කටාර්, ජෝර්දානය, සෝමාලියාව, ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

අක්කරපත්තුව, පොතුවිල්, රාජගිරියි, අකුරණ, බදුල්ල, හලාවත, තිහාරිය, පුත්තලම, බේරුවෙල, මග්ගොන, මුන්දලම, ග්‍රෑන්ඩ්පාස්, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, දුම්මලසූරිය, දික්වැල්ල, කොලොන්නාව, මී ඇල්ල යන ප්‍රදේශවල මෙම පිරිස පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි.

ඔවුන්ගේ ලිපින දුරකතන අංක සහ පැමිණි රට ලංකාවට පැමිණි දිනය ආදී සියලු විස්තර ද පොලිස් මූලස්ථානය විසින් ලබා දී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

Shiran Viraj

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj
Translate »